e Space                                                                                               Community 

 e Space                                                                                               Community 

Menu

TIME TRAVEL( කාලය හරහා ගමන් කිරීම)🔮

Time travel ( කාලතරණය) 1 කොටස 🕗🌌


🔵  කාලතරණය සම්බන්ධ විවිධ උපකල්පන ගණනාවක් ඇත ඒ අතරින් දැනට වඩාත් පචලිත උපකල්පන  වල සාරාංශය  පමණක් මෙම ලිපියේ  කතා කෙරෙ


  🔘 කාලතරණය  විදයාත්මකව සනාත වී ඇති සංකල්පයකි 



කාලය යනු,අපගේ විශ්වයේ 4 වන මානයයි.න්මුත් අපට පාලනය කල හැක්කේ ත්‍රිමානයක් පමණි.නමුත් විද්‍යාඥයන් විසින් කාලය පාලනය කිරීමටත් විවිධ උපක්‍රම සහ තියරි උපකල්පනය කරමින් පවතී.මෙහිදී අප සිතට ගත යුතු ප්‍රධාන කාරණය නම් කාලය සියලුම ස්ථානවලට එකම ආකාරයට නොමැති බවයි.විවිධ ස්ථානවලට කාලය ගලායාම සාපේක්ෂ වේ.

(උදා-කලු කුහරයක් අසලදි කාලය ශුන්‍ය වන බව කියවේ)

ඒ අතර,



1.අවකාශය හරහා වේගයෙන් ගමන් කිරීම.🌫🚀


අප අවකාශය හරහා වේගයෙන් ගමන් කාරණා විට අපට දැනෙන කාලයෙ සිමිත වෙනස් විමක් සිදුවෙනවා.එය ඇල්බර්ට් අයින්ස්ටයින් මහතාගේ සාපේක්ෂාතවාදයේන් ද කියවේ.අපට කාලයෙ සැලකිය යුතු වෙනසක් සිදු කිරීමට නම් ආලෝකයේ වේගය හෝ ඊට සමාන වේගයක් අවශ්‍ය වෙනවා.

නුතන අභ්‍යාවකාශ යානා වල වේගය ආලෝකයේ වේගයට සාපේක්ෂව 0.005 තරම් කුඩා අගයක් පමණක් නිසා එය කිරීම තරමක් අපහසුයි.නමුත සර්ජෙයි ක්‍රිල්ලෝ යන ගගනගාමීයා විසින් පෘතුවිය වටා iss එක ඉතා වේගයෙන් පරිභ්‍රමණය කිරීමෙන් තත්පරයකටත් වඩා අඩු කාලයක් කාල තරණය කිරීමට හැකි උණා.එය තත්පරයකටත් වඩා අඩු කාලයක් වුවත් එයින් කාල තරණයට හැකි බව ඔප්පු උණා


2.ගුරුත්වය යොදා ගැනීම 🌎🍎


අධික ගුරුත්වයක් සහිත වස්තු ළඟ අවකාශ කාලය වක්‍ර වේ.එනිසා කාලයෙ ගලායාම මදකට වෙනස් වේ.මෙය intestellar චිත්‍රපටයේ හොදින් දැක ගත හැකිය.නමුත් කලු කුහරයේ සිද්දී කේන්ද්‍රය (event horizon) නමින් හැඳින්වෙන සීමාවට ඇතුලු වුවහොත් එම වස්තු නැවතත් පිටතට නොඑන බව විස්වාස කෙරේ. මෙය එතරම් ප්‍රායෝගික නැත.


3.පනු කුහර (wormhole)සංකල්පය 🌀


පණුකුහර යනු තවමත් කල්පිත මට්ටමේ පවතින සංකල්පයකි.මෙ සන්කල්පය මුල්ම වරට හොයා ගත්තෙ අයින්ස්ටයින් එක්ක රෝසන් කියන විද්‍යාඥයෝ දෙන්නා.මේකෙ ප්‍රායෝගික භාවය ටිකක් අඩුයි. කලු කුහර 2ක් අතර ඇතිවිය හැකි යැයි සලකන මේවා විශ්වයේ ස්ථාන 2ක් අතරට ගමන් කල හැකි කෙටිම මාර්ග ලෙස හැදින්විය හැකිය. තව දෙයක් wormhole ලෙසියෙන් ඇති වෙන්නෙත් නැ.අනික wormhole එකකින් යන්න නම් කළුකුහර 2ම ස්ථාවරව පවත්ව ගත යුතුයි.  ඒවා තනිකරම අපෙ පාලනයෙන් තොර නිසා එහා පැත්තෙ මොන වගේ කම්පනයක් ඇති වෙයිද දන්නේ නැ. 

මින් පැහැදිලි වන්නේ,


             කාල තරණය සිදු කල හැකි බවයි. 🔮


Written by-Himasha

e Space / OTT > Admin 


X